Tuesday, January 11, 2011

උතුර, දකුන, බටහිර, නැගෙනහිර, උඩ සහ යට

ඩග්ලස් ඇඩම්ස් ගේ නව කතාවක් වන හිච්හයිකර්ස් ගයිඩ් ටු ගැලක්සි නවකතාවේ කියවෙනවා අපේ මන්දාකිනියේ නැගෙනහිර පිටත වලල්ලක් ගැන. බැලූ බැල්මට මේකේ විෂේශයක් නොදැනුනත් මන්දාකිනිය චක්‍රාවාට සහ විශ්වය ගැන කතා කරද්දී උතුර, දකුන, නැගෙනහිර, උඩ, යට කියන දේවල් කිසිම තේරුමක් නැති වචන විතරයි! ඒත් හොයාගෙන ගියාම මේක මුලින්ම අපිට හම්බ වෙන්නෙ ස්ටාර් වෝර්ස් චිත්‍රපට වල. පෘථිවි සිතියමක අපි දිෂාව නිර්නය කරනවා වගේ පෘථිවියෙන් පිටත එහෙම කරන්න බැහැ. ඔය උතුර, දකුන, බටහිර, නැගෙනහිර, උඩ යට කියන දේවල් ඇත්තටම තේරුමක් නැති දේවල්.