Sunday, December 21, 2008

ජ.වි.පෙ, තාප්ප පාලුවෝ...!

දැන් ඉතින් ජ.වි.පෙ ගැන ලියන්නම්. උන්ගෙ පාටත් රතු තමයි. ඒත් උන් මහම කාලකන්නි ටිකක්! අද උන්ගේ පෝස්ටර් ටිකක් තාප්ප පුරා අලවලා තියෙනවා දැක්කා. අපේ තාප්පේත් එකක් අලවලා තිබ්බා, තාප්ප පාලුවෝ. මේ රට ඉස්ඉස්සේලාම ලෝකෙට නය කාරයෝ වුනේ මුන් ට්‍රාන්ස්ෆෝමර් පුපුරවපු නිසා. ලංකාවට ත්‍රස්තවාදය හඳුන්වා දුන්නේත් මේ කාලකන්නි ජ.වි.පෙ කාරයෝ තමයි. ඒ කියන්නේ එල්.ටී.ටී.ඊ එකට ත්‍රස්තවාදය හඳුන්වා දීලා ලෝකයේ දරුනුම ත්‍රස්තවාදී කන්ඩායමට උත්තමාදර්ශය දුන්නේ මේ කාලකන්නි ජ.වි.පෙ කාරයෝ.

රතු පාට

මම මේ රතුපාට අකුරින්ම මුලු බ්ලොග් අඩවියම ලියන්නට තීරනය කලා. ඒත් මේ රතුපාට ඇයි. ජ.වි.පෙ. ත් රතු පාට, උං ගැනෙ වෙනම පස්සේ ලියන්නම්, ඒත් මම ජ.වි.පෙ නෙමෙයි රතු පාටින් ලියන්න. රතු පාට හරි ලස්සන පාටක්. රතු පාට හොඳට ඇස් කඩාගෙන යන්න පේනවා. ගින්දර රතු පාටයි (කහ පාටයි). රතු කියන්නේ හරිම බලවත් පාටක්. රතු පාට කලු පාටත් එක්ක හොඳට ගැලපෙනවා. කලු පාටත් හරිම බලවත් පාටක්. වයින් රතු පාටයි. මම වයින් වලටත් හරිම ආසයි. මම කැමතිම වයින් වර්ගය Cabernet - Shiraz (De Bortoli). අපේ ලේත් රතු පාටයි, ඒත් වයින් වලට වඩා උකුයි, LOL!

අසම්මත

මේ බ්ලොග් අඩවියේ සටහන් කරන මා ගැන මේ කියවන ඔබ දන්නවා ඇති. ඒත් මාගේ නොදත් පැතිකඩක්, එක් අසම්මත පැතිකඩක් නියෝජනය කරන්නයි මේ බ්ලොග් අඩවිය සටහන් කරන්නේ. මෙහි මැයෙහි ඇති හැටියටම සමාජයේ අසම්මත යැයි සලකන දේ ඔබට හමුවනු ඇත. මෙහි සටහන් කරන අදහස් වලට ඔබට රිසි සේ ප්‍රතිචාර දක්වන්න, නොපසුබට වන්න.